බදියුදීන්ට ගම්මන්පිලගෙන් චෝදනා 16 ක් යටතේ පැමිණිල්ලක් 
සාලි හිස්බුල්ලා සහ බදියුදීන්ට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට දුන් කාලය අවසන්

17

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද උදෑසන පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ කමිටුවට පැමිණිල්ලක් භාර දෙනු ලැබුවා.
මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව චෝදනා 16 ක් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව චෝදනා 3 ක් යටතේ මෙම පැමිණිලි ගොනුකළ බවයි.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට මෙන්ම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි භාර ගැනීම අද පස්වරු 4න් අවසන් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
අදාළ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

මේ අතර අසාද් සාලි රිෂාඞ් බදියුදීන් සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන අයගේ ක්‍රියා කළාපය පිලිබදව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද අදහස් පළ කලා.

මේ අතර ඇතැම් මුස්ලිම් දේශපාලන නියෝජිතයන්ගේ ක්‍රියා කළාපය පිලිබදව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අදහස් පල කළා.

Your Comments