බදියුදීන්ට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි

20

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.
ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනුණා.
පරිසර යුක්ති කේන්ද්‍රය මගිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

Your Comments