බඩඉරිගු බීජ ඉසිය යුතු කාල සීමාව මෙන්න

147

ලබන පළමු වනදා සිට පහළොස් වැනිදා දක්වා කාලය තුළ බඩ ඉරිඟු‍ බීජ ඉසීම සිදුකරන්නැයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා ප්‍රකාශ කළේ, සේනා දළඹු වසංගතය මේ වන විට පාලනය කර ඇති බවයි.

කෙසේ වෙතත් ලබා දී ඇති කාලයෙන් පසු බඩ ඉරිඟු‍ වගාව සිදු කිරිමෙන් යළි සේනා දළඹු හානිය ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් කෙටි කාලීන ක්‍රමවේද ඔස්සේ, ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා මෙම පියවර ගත් බව ද අනුර විජේතුංග මහතා කියා සිටියා.

Your Comments