බංග්ලාදේශය දිනවූ ශකිබ් අල් හසාන්ගෙන් ලෝක වාර්තාවක්

40

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 62ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු‍ 7ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 83යි.

පන්දු යැවීමේ දී මුජීබ් රහ්මාන් කඩුලු‍ 3ක් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු‍ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි.

සමියුල්ලාහ් ෂින්වාරි නොදැවී ලකුණු 49යි.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් කඩුලු‍ 5ක් ලබා ගත්තා.

ඔහු ඉතිහාස ගත වූයේ ලෝක කුසලාන තරගයක දී පිතිකරණයෙන් අර්ධ ශතකයක් සහ පන්දු යැවීමෙන් කඩුලු‍ 5ක් දවා ගත් ලොව දෙවන ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර ඉන්දියාවේ යුවරාජ් සිං විසින් පමණක් එම දස්කම දක්වා තිබුණා.

මෙම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ශ්‍රී ලංකාව හය වන ස්ථානය දක්වා පහතට දමමින්.

Your Comments