පොහොට්ටුව සමග සාකච්ඡා අසාර්ථක වුවහොත් නිදහස් පක්ෂයෙන් අපේක්‍ෂකයෙක් ජනපති සටනට

27

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ පවතින සාකච්ඡා අසාර්ථක වුවහොත් නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා.

ඒ, ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පාක්ෂිකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු වාසියක් අත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා කියා සිටියා.
බලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීයි. ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නොවුණද ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි.

සාමුහික ප්‍රයත්නයකින් තොරව තනි තනි වශයෙන් පුද්ගලයන්ට රට ගොඩනැගිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඒ, ජාතික ජන බලවේගය අනුරාධපුරයේ සංවිධානය කර තිබු ජන හමුවකට එක්වෙමින.

Your Comments