පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය සමග සිටි කණ්ඩායම් කිහිපයක් වෙන්ව දේශපලට එක්වෙලා

33

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටි කණ්ඩායම් කිහිපයක් මේ වන විට වෙන්ව දේශපාලනයට එළැඹී ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කඩිනමින් ඉදිරිපත් කරන බව ද අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නියෝමාල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කර තිබෙනවා.
ඒ කොළඹදී ඊයේ පස්වරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එම උත්සවයට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අදහස් පල කලා.

Your Comments