පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය

23

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අමතමින්.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම සිදු කෙරුණා.

ඒ, පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා අතින්.

මේ අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා.

අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්මේලනය අමතමින් මෙලෙස අදහස් පළ කළා.

Your Comments