පොසොන් පසළොස්වක පොහොය අදයි

33

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිවට සම්බුද්ධ දර්ශනය වැඩම කරවූ උතුම් පොසොන් පෝය දිනය අදයි.

ඉතිහාසයේ දැක්වෙන්නේ ක්‍රි.පූ. 3 වැනි ශතවර්ෂයේ මැදභාගයේදී මිහිඳු මාහිමියන් විසින් ඒ මාහැඟි දහම මෙරටට ගෙන එන ලද බවයි.

අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් දඹදිව වේදසගිරි නුවරින් ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට සෘද්ධි බලය පා වැඩමකර බුද්ධ වර්ෂ 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවලනු ලැබුවා.

ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව ලැබුවේද පොසොන් පොහොයේ වීම වැදගත් වෙයි.

දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක යෙදුණු අතර මෙය ලොව පැරැණිතම බුද්ධි පරීක්‍ෂණය ලෙස ද සලකනු ලැබේ.

නුවණැති රජතුමා ගැන පැහැදුණු අනු බුදු මිහිදු හිමියෝ ඇත් පිය උපමාවෙන් යුතු වූ ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය’ සුමිහිරි නාදයෙන් දේශනා කළ බවයි ඉතිහාසය දක්වන්නේ.

ලොව අනෙකුත් සංස්‌කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්‌, ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක්‌ බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකයි.

එතැන් පටන් මෙරට රාජ්‍ය ආගම බුද්ධාගම විය.

එවක රාජ්‍ය හෙබ වූ දේවානම්පියතිස්‌ස රජුත්, අමාත්‍ය මණ්‌ඩලයත් බුදුදහම පිළිගත් පසු අලුත් දහම රට පුරා පැතිරයැම වඩා පහසු විය.

බුදුදුහම තුළ අඩංගු වූ පිළිපැදිය යුතු වූ කරුණු එතෙක්‌ සිංහලයා පිළිපැද්ද ජීවන ප්‍රතිපදාවට වඩා ඉතා උසස්‌ වූවා.

බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම සිදු වූයේ ද පොසොන් පොහොය දිනයේයි.

බෝසතාණන් වහන්සේ අවිද්‍යාව නමැති කැණිමඬල නසා ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුද්ධත්වයෙන් පිදුම් ලැබූ සිව්වන සතියෙහි සවණක් ගණ බුදු රැස් මාලාවන්ගෙන් රුවන් ගෙය බැබළවූවා.

කෙලෙස් ගිනි දැල් වලින් වෙලී අඳුරේ සිටි ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් සසර කතරින් එතෙර වන මඟ පෙන්වා දුන් සම්බුදු පියාණන් වහන්සේගේ පහසින් ලක්දිව් තලය තෙවරක්ම පිවිතුරු කරවූ සේක.

Your Comments