පොසොන් ජාතික උත්සවයක් වෙයි – කඩිනමින් නෛතික පියවර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

11

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් ලෙස නම් කිරීමට අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඊට සමගාමීව මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටයි අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.
ඊයේ මිහින්තලය රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමිපාණන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෙරුණු ඉල්ලීමකට අනුව මෙම කටයුතු සිදු කෙරෙනු ඇති.
අදාළ ඉල්ලීම පිළිබඳව පියවර ගැනීමේ ක්‍රමවේද සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ද පත් කිරීමට නියමිතයි.
මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයතු සිදු කරන ලෙස පී. හැරිසන් සහ චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

Your Comments