පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්ට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පිරිස අත්අඩංගුවට

35

කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසකට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදු වූ මෙම පහරදීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිරිසක් එලෙස පහර කෑමට ලක්ව ඇති බව සදහන්.

Your Comments