පූජිත් සහ හේමසිරි බන්ධනාගාර නිලධාරීන් භාරයට ගනී

22

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කල අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් බන්ධනාගාර නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
උසාවි පරිශ්‍රයේදී ඔවුන් දෙදෙනා මෙලෙස බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මේ වන විට ඔවුන් දෙදෙනා බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව සදහන්.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් දෙදෙනාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අද නිශ්ප්‍රභ කළා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝදන අයදුම්පත සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.

Your Comments