පූජිතට සහ හේමසිරිට විශේෂ තේරීම්කාරක සභාවෙන් හෙට කැඳවීමක්

8

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවට යළි කැඳවා තිබෙනවා.
හෙට දිනයේ අදාළ කාරක සභාව යළි රැස්වීමට නියමිතයි.
ඊයේ දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් තේරීම් කාරක සභාව සාක්ෂි විමසනු ලැබුවා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් ද මෙම කාරක සභාව හමුවේ මීට පෙර සාක්ෂි ලබාදුන්නා.

Your Comments