පුලතිසි – නගරාන්තර සීඝ්‍රගාමී ගමන් අරඹයි [PHOTOs]

21

කොළඹ – කොටුවේ සිට පොළොන්නරුව දුම්රිය ස්ථානය දක්වා පුලතිසි නමින් නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් අද සිට දිනපතා ධාවනයට යොදා තිබෙනවා.

එහි මංගල ගමන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරුණා.

මෙම දුම්රිය පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හබරණ සහ හිඟු‍රක්ගොඩ දුම්රිය ස්ථානවල පමණක් නතර කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පස්වරු 3.05 ට කොළඹ කොටුවෙන් පිටත්වන පුලතිසි සීඝ්‍රගාමී දුම්රිය රාත්‍රි 7.47 ට පොළොන්නරුවට ළඟාවීමට නියමිතයි.

පසුදින අලූයම 3.45 ට ගමන් ආරම්භ කරන එම දුම්රිය පෙරවරු 9.08 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

Your Comments