පුතාගේ පහරදීමෙන් මව ජීවිතක්ෂයට

25

සිය පුතා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් මවක් මියයාමේ පුවතක් සාම්පූර් පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය පැවසුවේ සාම්පූර්, අම්මාන් නගර්, චන්දනහෙට්ටි යන ලිපිනයේ පදිංචි පුද්ගලයකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් පමණ වන අම්මාන් නගර්, චන්දනවෙට්ටි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර සාම්පූර් පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments