පැෆරල් සංවිධානයෙන් ජනපතිවරණය නිරීක්ෂණයට 10,000ක්

4

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දස දහසකට අධික නිරීක්ෂකයින් සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.
ආසියා මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් 35 දෙනෙකු පැමිණීමට නියමිත බවයි හෙතෙම කියා සිටියේ.

මේ අතර මැතිවරණ නිතියට පටහැනිව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දීමේ ප්‍රතිපාදන පවතින බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ට්‍රනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කලා.
එහි පොදු දේපල සුරැකිමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ලක්විජය බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

 

Your Comments