පැවසූයේ කුමක් ද ? (PHOTOs)

42

මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ, වත්මන් අනුශූර නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.

තරගය ආරම්භ කෙරෙන්නේ මෙරට වේලාවෙන් පස්වරු 3ට.

ඒ කාර්ඩිෆ්හී දී .

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග අතරින් තරග 48ක ජය නවසීලන්තයටත්, තරග 41ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියන් හී දී දෙරට අතර තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 6ක් ශ්‍රී ලංකාවත්, තරග 4ක් නවසීලන්තයත් ජය ගැනීමට සමත් වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විස්තර විචාරයට සිත FM ඔස්සේ (88.8 FM/ 88.6 FM) සවන් දිය හැකියි.

අද තරගය සදහා අවිශ්ක ප‍්‍රනාන්දු ක‍්‍රීඩා නොකරන බවත්, ඉසුරු උදාන ක‍්‍රීඩා කරන බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කළා.

Head To Head

තරග – 98
ශ‍්‍රී ලංකාවට ජය – 41
නවසීලන්තයට ජය – 48
සමවීම් – 1
ප‍්‍රතිපලයක් නොමැති – 8

World Cup Head To Head

තරග – 10
ශ‍්‍රී ලංකාවට ජය – 6
නවසීලන්තයට ජය – 4

Key players

දිමුත් කරුණාරත්න (ශ‍්‍රී ලංකාව)

ටෙ‍්‍රන්ට් බෝල්ට් (නවසීලන්තය)

මේ අතර නවසීලන්ත නායක Kane Williamson සහ ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සුබ පැතුම් හුවමාරු කර ගත්තා.

එහි දී දෙදෙනාම සිනහමුසු මුහුණින් පවසන්නේ කුමක් ද?

Squads….

New Zealand:

Kane Williamson (c), Tom Blundell, Trent Boult, Colin de Grandhomme, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Tom Latham, Colin Munro, Jimmy Neesham, Henry Nicholls, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Ross Taylor

Sri Lanka:

Dimuth Karunaratne (c), Avishka Fernando, Suranga Lakmal, Lasith Malinga, Angelo Mathews, Jeevan Mendis, Kusal Mendis (wk), Kusal Perera (wk), Thisara Perera, Nuwan Pradeep, Dhananjaya de Silva, Milinda Siriwardana, Lahiru Thirimanne, Isuru Udana, Jeffrey Vandersay.

තවත් ඡායාරූප කිහිපයක් පහතින්..

Your Comments