UPDATE : පැය හතරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු රන්ජන් CIDයෙන් පිටව යයි

13

ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පස්වරුවේ එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, පැය 4ක පමණ කාලයක් එහි රැදී සිටීමෙන් පසුවයි.
රන්ජන් රාමනායක මහතා භික්ෂූන් වහන්සේ පිළිබඳ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දැක්වීම සදහා ඔහු මෙලෙස එහි පැමිණි බව සදහන්.
අද දහවල් 1 ට පමණ හිටපු මන්ත්‍රීවරයා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වුණේ.


රන්ජන් CIDයට කැදවයි [May 22, 2020 at 17:46]

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා
අද දහවල් 1 ට පමණ රන්ජන් රාමනායක මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වුණේ.
මෙලෙස පැමිණ ඇත්තේ රන්ජන් රාමනායක මහතා භික්ෂූන් වහන්සේ පිළිබඳ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දැක්වීමටයි.

Your Comments