පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 65 දෙනෙකු තවදුරටත් CID යේ

12

අප්‍රේල් 21 ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් 65 දෙනෙකු රහස් පොලිසිය භාරයේ සිටින අතර 20 දෙනෙකු මේ වන විටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවන බව පොලීසිය පවසනවා.
ඉන් කාන්තාවන් 8 දෙනෙකු රහස් පොලිසිය භාරයේද 2 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවන බව සඳහන්.
මේ අතර කොච්චිකඬේ දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බකරු රැගෙන ආ වෑන් රථය මිළදී ගැනීමට ගිය මොහොමඞ් ආබ්දීන් ලෙබ්බේ නම් අය කාත්තන්කුඩි 9 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
මේ අතර අදාළ සැකකරුවන්ට අයත් නිවාස 17 ක් ද මේ වනවිට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Your Comments