පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවේ වාර්තාව මේ මස අවසානයේ

12

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවේ වාර්තාව මේ මස අවසානයේ දි ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළා
විශේෂ සාකච්ඡාවක් වාර්තාව සකස් කිරිම පිළිබදව පැවැත්වුණා. පාර්ලිමේන්තුව යළී රැස්වන්නේ ලබන 23 වනදායි.
එම සතිය ඇතුලත වාර්තාව නිකුත් කිරිම අරමුණ බවයි නියෝජ්‍ය කථානායකවරයා පවසන්නේ.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහ්ස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නිතිපතිවරයාගේ ප්‍රතිශෝධන අයදුම්පත පිළිබද තීන්දුව ද අද ප්‍රකාශ කිරිමටයි නියමිතව ඇත්තේ.
දෙපාර්ශවයේම නීතිඥවරුන් ඒ සම්බන්ධ වාචික හා ලිඛිත දේශන ඉදිරිපත් කළා.
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනිමට ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලවි තිබෙනවා.

Your Comments