පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මාස 3යි

16

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට අදට මාස 3ක් සපිරෙනවා.

එම පිපිරීම්වලින් විදේශිකයින් ඇතුළුව පුද්ගලයින් 250කට අධික පිරිසක් මිය ගියා.

මේ අතර, ජාතිවාදී කෝලාහල ඇති කර රට අස්ථාවර කර, දේශපාලන වාසි ලබා ගැනිමට ඇතැම් දේශපාලනඥයින් සැලසුම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොපමණ ගැටලු පැවතිය ද, රට ඉදිරියට ගෙන යාම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි බවයි කොස්වත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයක දී අග්‍රාමාත්‍යවරය සඳහන් කළේ.

මේ අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී මාස තුනක් ගත වන අවස්ථාවේ දී රට තුළ ස්ථාවරයක් ඇති කර ගැනීමට හැකිවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

එම ශක්තිය තුළින් ආර්ථික අභියෝගය ද ජයගත හැකි බවයි අග්‍රාමාත්‍යවරයා හෙට්ටිපොල නගරයේ ඉදිකෙරුණු සතිපොළ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් සඳහන් කළේ.

Your Comments