පාසල් 400ක් වැසෙයි

37

වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් 400ක් වසා දමා තිබෙනවා.

සිසුන් විවිධ රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීමේ අරමුණින් පාසල් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වාහන වලින් පිටවන දුම සහ ගොඩනැගිලි ඉදි කිරීමේදී පිටවන දූවිලි අංශු හේතුවෙන් දරාගත නොහැකි ප්‍රමාණයට වායු දූෂණය වී ඇති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

එමගින් අක්ෂි රෝග සහ පෙනහළු රෝග මෙන්ම පිළිකාද වැළඳිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට බැංකොක් නුවර මිලිමීටර් 2. 5ට වඩා අඩු විෂ්කම්භයකින් යුත් දූවිලි අංශු පවතින බවද වාර්තා වෙයි.

Your Comments