පාසල් සිසුවෙකු ඝාතනය කළ අයෙකුට අවුරුදු 22කට පසු ලැබුණු දඬුවම

24

තියුණු ආයුධයකින් පහර දී 14 හැවිරිදි පාසල් සිසුවකු  ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ විත්තිකරුවකුට වසර 22 කට පසු මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඒ, අදාළ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
1996 වර්ෂයේ ජූලි මස 31 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී නිට්ටඹුව නිකහැටිකන්ද ප්‍රදේශයේ දී අදාළ සිසුවා ඝාතනය කර තිබූ අතර ඊට වරදකරු වූ විත්තිකරු 59 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර ඊට වරදකරු කරමින් ඔහුට බරපතල වැඩ සහිතව වසරක් බැගින් සිරදඬුවම් නියම වූණා.
එමෙන්ම රුපියල් 1000ක දඩයක් ද පනවා ඇති බව සඳහන්.

 

Your Comments