පාසල් දරුවන් අතර තවත් බෝනොවන රෝග අවදානමක් 

39

පාසල් දරුවන්ගේ අක්මාව තුළ මේද තැන්පත් වීමෙන් හටගන්නා බෝනොවන රෝග තත්ත්වයක් ඉහළ මට්ටමකින් වාර්තා වන බව පෝෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරී වෛද්‍ය ඬේමියන් ද සිල්වා මහතා පවසනවා.
හෙතෙම පෙන්වා දෙන්නේ බොහෝ සිසුන් දිනපතා ශාරීරික ව්‍යායාමවල නොයෙදීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
පාලනයකින් තොරව ආහාර ගැනීම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව වෛද්‍ය ඬේමියන් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
මෙම තත්ත්වයත් සමග කල්ගත වීමේ දී අක්මාව ආශ්‍රිතව දරුණු පිළිකාවලට බොහෝ පිරිසක් ගොදුරු වන බව ද වෛද්‍ය ඬේමියන් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
 

Your Comments