පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම 3 වන දිනටත් ඇරඹේ

22

ජුනි 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම 3 වන දිනයටත් අද ආරම්භ වුණා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යි.
පෙත්සම්වල වග උත්තරකාර පාර්ශව ලෙස නම් කර ඇති මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිපතිවරයා වෙනුවෙන් අද කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.

Your Comments