පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

88

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සමේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවයි සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ.

අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දූ ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලුණා.


Your Comments