පාපන්දු ලෝක කුසලානයේ තුන්වැනි ස්ථානය බෙල්ජියමට

55

රුසියාවේ පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 8.30 ට රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රංශය මීට පෙර 1998 වසරේදී ලෝක ශූරතාවය හිමි කර ගත් අතර 2006 වසරේදී එහි අනු ශූරතාව හිමි කර ගත්තා.
කෙසේ වෙතත් ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
මේ අතර තරගාවලියේ තෙවන ස්ථානය තේරීමේ තරගය ඊයේ පැවැත්වුණා.
එහිදී ගෝල 2ට 0ක් ලෙස එංගලන්තය පැරදවූ බෙල්ජියම තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගත්තා.

Your Comments