පාකිස්ථාන ගුවන් තලය සම්පූර්ණයෙන් වසා දමා ඉන්දියාවට අභියෝග කරයි

187

පාකිස්ථානය සිය ගුවන් තලය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට ගත් තීරණයත් සමගයි.

සැප්තැම්බර් මස 5 වනදා දක්වා ඉරිදා දිනවල හැර සෑම දිනයකම ගුවන් තලය වසා දැමෙන බවයි පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ.

ඒ අනුව විදෙස් ගුවන් සේවාවන්ට පකිස්තාන ගුවන් කලාපය හැර වෙනත් මාර්ගවලට හරවා යාමට සිදුව තිබෙනවා.

ඊයේ දිනයේ දී ද පාකිස්ථානය සිය ගුවන් තලයේ කොටසක් (කොරිඩෝවක්) වසා දැමූවා.

ඒ හේතුවෙන් විදෙස් ගුවන් සේවාවන්ට ගමන් සඳහා විනාඩි 12ක අමතර කාලයක් වය වුනේ පකිස්තානයේ එම ගුවන් කලාපය මග හැරීමට සිදුව තිබීමෙන්.

එයාර් ඉන්දියා ගුවන් සමාගම පාකිස්තාන ගුවන් කලාපය හරහා දිනකට ගුවන් ගමන් 50ක් පමණ ක්‍රියාත්මක කර තිබුණා.

ඒ එක්සත් ජනපදය, යුරෝපය සහ මැද පෙරදිගට පියාසර කරමින්.

පාකිස්තාන ගුවන් අවකාශය භාවිතා කළ ඉන්දීය ගුවන් සමාගමට, දිගු දුර ගමන් සඳහා මේ වන විට අමතර පැය 2 3 පමණ කාලයක් වය කිරීමට සිදුව තිබෙනවා.

පාකිස්ථාන ගුවන් තලය වසා දැමීමත් සමග එහි බලපෑම විශාල වනු ඇති බවයි එයාර් ඉන්දියා සමාගම් පවසා ඇත්තේ.

බලකොට් (Balakot) ගුවන් ප්‍රහාරයෙන් පසුව, පාකිස්තානය පෙබරවාරි 26 වන දින සිය ගුවන් සීමාව වසා දමා තිබූ අතර එය ජූලි 16 වන දින සම්පූර්ණයෙන් විවෘත කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉන්දීය පාලිත කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දෙනු ලබන කොටස ඉන්දීය ආණ්ඩුව විසින් පසුගියදා අහෝසි කරනු ලැබුවා.

ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් ඉන්දීය පාලිත ජම්මු කාශ්මීරයට තමන්ගේම ව්‍යවස්ථාවක්, ධජයක් දරාගැනීමේ හැකියාව මෙන්ම විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදන කටයුතු හැර සෙසු සියලුම අංශ සම්බන්ධයෙන් ස්වාධීන බලතල ලබා දී තිබුණා.

ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපනය කරනු ලබන්නේ ද එම වගන්තිය මගින්.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පිහිටි මතභේදයට තුඩු දී ඇති එම කලාපයට දෙරටම හිමිකම් කියයි.

ඉන්දියාව සහ පාකිස්තානය විසින් කාශ්මීර කලාපයේ කොටස් වෙන් වෙන පාලනය කරනු ලබනවා.

ජම්මු- කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දී තිබු වගන්තිය ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීන්දුව හෙළා දකිමින් පාකිස්තානය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් “ප්‍රතිරෝධය දැක්වීම සඳහා” ගත හැකි සියලුම විකල්ප මාර්ග වෙත යොමු වන බවක්.

පාකිස්තාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂා මෙහ්මූද් කුරේෂි සඳහන් කළේ, “ඉන්දියාව, කලාපීය ස්ථාවරත්වයට සහ සාමයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන දරුණු ක්‍රීඩාවක යෙදී සිටිනවා ” ලෙසයි.

 

 

Your Comments