පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත අවදානමක් – අග්‍රාමාත්‍ය කාර්යාලය අනතුරු අඟවයි

22

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යළි ඇගයීමක් සිදු කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට රජයේ සහය ඉල්ලා තිබෙනවා.

ඒ, එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබී ඇති අනතුරු ඇගවීමක් හේතුවෙන්.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අනතුරු ඇඟවීම සිදු කර ඇති බව සඳහන්.

මීට පෙර ද එරට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇගයීමක් සිදු කළ අතර, අනතුරුව තරග සංචාරය සඳහා අවදානමක් නොමැති බවටයි තහවුරු කෙරුණේ.

මේ අතර පාකිස්තාන තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 සංචිත ඊයේ ප්‍රකාශයට පත් කළා.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් අතර, එහි නායකයා ලෙස පත් කර ඇත්තේ දසුන් ශානකයි.

එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න සහ 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු ආරක්ෂක ගැටලු‍ නිසා අදාළ තරග සංචාරය සඳහා සහභාගී නොවීම හේතුවෙනුයි ළහිරු තිරිමාන්නට සහ දසුන් ශානකට එක්දින හා 20යි 20 කණ්ඩායම්වල නායකත්වය ලබා දී ඇත්තේ.

Your Comments