පාකිස්තාන විදේශ අමාත්‍යවරයා හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

5

නිල සංචාරයක් සඳහා දිවයින පැමිණ සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, විදේශ සබඳතා අමාත්‍යාංශයේදීයි.
ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද හමුවී ද්විපාර්ශවීය සාකච්ජාවල නිරත වීමට නියමිතයි.
කටුනායක ගුවන් තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු කියා සිටියේ තමා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විශේෂ ලිපියක්, ජනාධිපතිවරයාට භාරදීමට පැමිණි බවයි.

Your Comments