පාකිස්තානයේ සංචාරයක නිරතවන්නැයි එරට විදේශ ඇමතිගෙන් ජනපති ගෝඨාභයට ඇරයුම්

4

නිල සංචාරයක් සඳහා දිවයින පැමිණ සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි අද [02] දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබෙනවා.
එහිදී පාකිස්තාන විදේශ අමාත්‍යවරයා පාකිස්තාන රජයේ සුභාසිංශන ජනාධිපතිවරයා වෙත පිලිගන්වා ඇති අතර දෙරටේ ආර්ථික සංවර්ධනය, වෙළඳ කටයුතු, ආරක්ෂිත සහයෝගීතාව සහ කළාපීය සහයෝගීතාව යන ක්‍ෂේත්‍රයන්හි ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දු වන බව ද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම පාකිස්තානය සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය අපේක්ෂාවෙන් සිටින බව ද විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි ජනාධිපතිවරයාට සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තානයේ සංචාරය කරන තුරු තම රජය උනන්දුවෙන් සිටින බව ද එහිදී පාකිස්තාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
එහිදී මත් ද්‍රව්‍ය ජාවාරම සහ මත් ද්‍රව්‍ය භාවිතය අප රට මුහුන පා සිටින බැවින් මෙම ව්‍යවසනය පිටුදැකීමට පාකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා හමුවේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඉස්ලාම් අන්තවාදයට එරෙහ සටනේදී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා පාකිස්තාන රජයෙන් එහිදී ඉල්ලීම් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය නිකුත් කළ නිවේදනයේ වැඩිඉදුරටත් සඳහන් වුණේ.

Your Comments