ප්‍රහාරක සහ පුහුණු ගුවන් යානා භාවිතයට ගන්න – අගමැතිගෙන් ගුවන් හමුදාවට උපදෙස්

445

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනට භාවිත කරන ඇතැම් පැරණි හෙලිකොප්ටර් යානා ඉවත් කර ප්‍රහාරක සහ පුහුණු ගුවන් යානා භාවිතයට ගත යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ නව ගුවන් හමුදාපති එයාර් මාර්ශල් සුමංගල ඩයස් මහතා ඊයේ හමුවූ අවස්ථාවේදීයි.
ගුවන් හමුදාව නව සැලසුමකට හැඩගැසීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරුණා.
මේ අතර ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ විශේෂ නියෝජිත ආචාර්ය හිරෝතෝ ඉසුමි ලබන 20 වනදා මෙරටට පැමිණෙනවා.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමට නියමිතයි.
ජපානය දැනට ශ්‍රී ලංකාවට පණවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් නිල ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බව ද සදහන්.

Your Comments