ප්‍රදේශ රැසකට සුළං සමග තද වැසි – නෝවුඩ් හි අයිස් වැස්සක්

36

දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට ගිගුරුම් සහිත වැසි ඇඳහැලෙමින් පවතින බව වාර්තා වනවා.
වැසි සමග තද සුළං තත්ත්වයන් ද පවතින බවයි නිව්ස් 24 වාර්තාකරුවන් පැවසුවේ.
හැටන්, නෝවුඩ් ප්‍රදේශයට අද පස්වරුවේ අයිස් වැස්සක් ඇඳ හුලුණ බව ද වාර්තා වුණා.
මේ අතර, අද රාත්‍රියේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය.

Your Comments