ප්‍රදේශ රැසකට අදත් තද වැසි

18

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් අපරභාගයේ දී  හෝ රාත්‍රී කාලයේ දී තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, උතුර මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වලට මිලි මීටර් සියය ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදු වන අනතුරු වලක්වා ගැනීමට කටයුත කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.

 

Your Comments