පළාත් සභා ඡන්දය ප්‍රමාද වීම ගැන කරුණු විමසීමට ඇමති ෆයිසර්ට කැඳවීමක්

9

පළාත් සභා ඡන්දය ප්‍රමාද වීම පිළිබඳ කරුණු විමසීමට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හෙට දින පක්ෂ නායක රැස්වීමට කැඳවන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
කතානායකවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
මේ අතර, පාර්ලිමේන්තුව අද පස්වරු 1ට රැස්වීමට නියමිතයි.

Your Comments