පහර දී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කරයි

54

ජාඇළ, දකුණු නිවන්දම ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් තිබෙනවා.
පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් අදාල පහරදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අදාල පුද්ගලයා සිය නිවසේ සිටියදී අනෙක් පුද්ගලයා නිවසට පැමිණ තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව රාජකාරි කළ 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.
ඝාතනය සිදු කළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා ජාඇළ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Your Comments