පහත්බිම් රැසක ජල ගැලීම් – වැසි තවත් වැඩිවෙයි
දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇගවීම්

21

පවතින වැසිතත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද පෙරවරු 11.30 සිට හෙට පෙරවරු 11.30 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සදහන් කළේ.
මේ අතර ගතවූ පැය විසි හතර තුළ දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් ජලගැලීම් ඇතුළු ආපදාවන් රැසක් වාර්තා වනවා.
ගාල්ල, වඳුරඹ කොකාවල කන්දේ නාය යෑමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
එම පස් කන්දට යටවූ දරුවන් දෙදෙනෙකු මුදාගෙන ඇති බව ද සඳහන්.
නාය යාමෙන් නිවාස දෙකකට ද හානි සිදුව තිබෙනවා.
මේ අතර, නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ තවමත් අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.
ගංගා අශ්‍රිත පහත්බිම් රැසක ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර සියලු පාසල් හෙට සහ අනිද්දා යන දෙදින වසා තැබීමට පියවර ගෙන ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
මේ අතර දිවයින බලපා ඇති වර්ෂාපතන තත්ත්වයේ තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි කාර්යයේ නියුතු කාළගුණ විද ්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ.

Your Comments