පවුලේ හිරිහැරවලට ලක්වූ සෞදි තරුණිය කැනඩාවට පැමිණෙයි

43

පවුලේ සාමාජිකයින්ගේ හිරිහැරවලට ලක්වූ සෞදි තරුණිය කැනඩාවට පැමිණ තිබෙනවා.
ඒ කැනඩාවේ සරණාගතභාවය ඇයට ලබා දීම හේතුවෙන්.

පවුලේ සාමාජිකයින් සමග කුවේටයේ සංචාරයක ‍යෙදෙන අතරතුර ඔවුන්ගෙන් මිදී ඕස්ට්‍රෙලියාව බලා යාම සඳහා මෙම 18 හැවිරිදි තරුණිය තායිලන්තයට පැමිණි සිටියා.

සෞදි බළධාරීන්ගේ ඉල්ලීම පරිදි තායි බළධාරීන් විසින් ඇය එහිදී අත්අඩංගුවට ගෙන තිබුනා.

අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපලේ හෝටල් කාමරයක නවත්වන ලද රහෆ් මොහම්මද් අල් කුනුන් නම් ඇය නැවත කුවේටය බලා යාම තරයේ ප්‍රතික්ෂේප කළා.

නැවත තම රටට ගියහොත් පියා හා සහෝදරයින්ගෙන් ඉතා දැඩි දඬුවම් වලට ලක්ව මරණයට පවා මුහුණ පෑමට සිදුවන බවයි ඇය කියා සිටියේ.

Your Comments