පල්ලියේ තුවක්කුකරු ප්‍රහාරයට පෙර නවසීලන්ත අගමැතිනිය දැනුවත් කරලා!

277

නවසීලන්තයේ ක්‍රයිස්ච්ර්ච් නුවරට ප්‍රහාරය එල්ල කිරීමට පෙර තුවක්කුකරු එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට විනාඩි කිහිපයකට පෙර නවසීලන්ත අගමැතිනියට දන්වා යවා තිබෙනවා.

ඒ පිළිබඳ අගමැතිනි Jacinda Ardern ද තහවුරු කරමින් පවසන්නේ තුවක්කුකරු තමා ඇතුලු තවත් නිලධාරීන් රැසකට ඊ-මේල්
පණිවුඩයක් ඒවා තිබු බවයි.

අගමැතිනිය සඳහන් කළේ ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොවූ බවක්.

ආක්‍රමණයක් එල්ල කරන බවට පිටු 74ක විස්තරයක් එම ඊ මේල් පණිවුඩයට ඇතුළත්.

පසු ගිය සිකුරාදා පෙරවරුවේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ක්‍රයිස්ච්ර්ච් දේවස්ථානයේ මෙහෙයට සහභාගීවී සිටි පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා.

තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

අනතුරට ලක්වූ පිරිස අතර විදෙස් ජාතිකයන් ද වනවා.

අගමැතිනිය ප්‍රකාශ කළේ ප්‍රහාරය ට විනාඩි 9කට පමණ පෙර 30 දෙනෙකුට වැඩි පිරිසකට ඊ මේල් ඒවා තිබූ බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කරන ස්ථානයක් පිළිබඳ හෝ ස්ථානය හඳුනාගත හැකි විශේෂිත තොරතුරු දන්වා නොතිබුණු බවද අගමැතිනිය ප්‍රකාශ කළා.

නිශ්චිත තොරතුරු ලැබුනේ නම් සමූල ඝාතනය වළක්වන බවයි මාධ්‍ය අමතමින් අගමැතිනිය අද (17) අවධාරණය කළේ.

ඊ මේල් පණිවුඩය ලැබී විනාඩි දෙකකින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි අගමැතිනිය සඳහන් කළේ.

Your Comments