පල්ලියවත්තෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්

34

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහු අද අලුයම තවත් ධිවරයින් තිදෙනෙකු සමග මුහුදු ගොස් අති බවයි.
එහිදී ඔවුන් ගමන් ගත් යාත්‍රාව උස්වැටකෙයියාව මුහුදු තීරයේදී රළ පහරකට හසුව අනතුරකට ලක්ව ඇති බව සඳහන්.
එහිදී සෙසු ධීවරයින් තිදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇති අතර හැදල නවජනපදයේ පදිංචි 33 හැවිරිදි අයෙක් අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

Your Comments