පරිසර හිතකාමී මැණික් කර්මාන්තය සඳහා බලපත්‍ර ලබාදීමට කටයුතු කරනවා – සජිත්
රටේ ඕනෑම ස්ථානයකට යා හැකි වාතාවරණයක් ගොඩනගනවා - ගෝඨාභය

9

පරිසර හිතකාමී ලෙස මැණික් කර්මාන්තය සඳහා බලපත්‍ර ලබාදීමට තමා කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇහැළියගොඩ සතිපොල භූමියේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර ජනතාවට රට තුළ ඕනෑම ස්ථානයකට යා හැකි වාතාවරණයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.
ඒ ගල්ගමුවේ පැවති ජන රැලියක් අමතමින්.

මේ අතර රටතුල කිසිදු අන්තවාදී හෝ ජාතිවාදී කණ්ඩායමකට හිස එසවීමට ඉඩ නොදෙන පලනයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කලා.
ඒ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Your Comments