පර්සිගේ උපන්දින තෑග්ගේ බංග්ලාදේශයට ඉලක්කය 295යි (PHOTOs)

59

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු‍ 8ක් දැවී ලකුණු 294ක් ලබා ගත්තා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 87යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්, දිමුත් කරුණාරත්න ලකුණු 46ක් සහ කුසල් ජනිත් ලකුණු 42ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ශෆියුල් ඉස්ලාම් සහ සෞම්‍ය සාකාර් කඩුලු‍ 3 බැගින් බිඳ දැම්මා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරි ගන්වන්නෙකු වන පර්සි අබේසේකර (Percy Gimson Mendis Abeysekera) ට අද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් උණුසුම් සුපැතුම් පිරිනැමුණා.

ඒ ‘ක්‍රිකට් පර්සි’ ගේ 83න වන උපන් දිනය වෙනුවෙන්.

1936 ජූලි 30 වන දින ගාල්ල බූස්ස ප්‍රදේශයේ උපන් පර්සි ලොව ජනාදරයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දශක ගණනාවක දිරි ගන්වන්නෙක්.

Your Comments