පන්දුවක් බෙල්ලේ වැදීමෙන් දිමුත් රෝහල්ගත කරයි

41

දිමුත් කරුණාරත්න රෝහල් ගත කෙරුණා.

ඒ Pat Cummins යැවූ බවුන්සර් පන්දුවක් බෙල්ලේ වැදීමෙන්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද කැන්බරා හි දී පැවැත්වෙනවා.

තරගයේ ශ්‍රීලංකා පළමු ඉනිම සඳහා පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පන්දුවට පහරදෙමින් සිටියා.

දිමුත් ඇඳක් මත තබා පිටියේදීම මූලික ප්‍රතිකාර ලබා දී ගිලන් රථයකින් රෝහලකට රැගෙන ගියා.

කණ්ඩායමේ කළමණාකරු ද දිමුත් සමඟ ගිලන් රථයෙන් පිටව ගිය අතර තරගය නැරඹීමට පැමිණ සිටි දිමුත්ගේ පියා සහ සොහොයුරිය වෙනම මෝටර් රථයක්‍රින් පිටව ගිය බව ඔස්ට්‍රේලියා ක්‍රීඩා මාධ්‍යවේදීනී සහ විස්තර විචාරිකා Neroli Meadows ට්විටර් පණිවුඩයකින් දක්වා තිබුණා.

කෙසේ වෙතත් දිමුත්ගේ තත්ත්වය බරපතල නොවන බව ද සඳහන්

පැට් කමින්ස් යැවූ පන්දුවක් හිස සහ බෙල්ල පිටුපස අතර ප‍්‍රදේශයේ වැදීමෙන් පසු ක‍්‍රීඩාංගනයේ දී ම මූලික වෛද්‍ය ප‍්‍රතිකාර ද ලබා දුන් අතර එහිදී මිනිත්තු 20ක පමණ කාලයක් තරගය නතර කිරීමට ද සිදු වුණා.

ඒ වන විට දිමුත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 46ක්.

ඔහු ළහිරු තිරිමාන්න සමග ආරම්භක කඩුල්ල සදහා ඒ වන විට ලකුණු 82ක සබඳතාවක් ගොඩ නගා තිබුණා.

ඔවුන් දෙදෙනා ලකුණු සියයක සබඳතාව ගොඩ නැගුවේ නම් 2012 වසරෙන් පසුව එවැනි දස්කමක් ඔස්ටේ‍්‍රලියාවේ දී දැක් වූ පළමු විදෙස් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස ද වාර්තා අතරට එක්වීමට හැකියාව තිබුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 534ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.

ජෝ බර්න්ස් ලකුණු 180ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 161ක් රැස් කළා.

කටිස් පැටර්සන් නොදැවී ලකුණු 114යි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් බිඳ හෙලූ අතර, කසුන් රාජිත සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

Your Comments