පන්ජාබ් IPL අවසන් වටයට සුදුසුකම් නොලබයි

51

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඊයේ (03) කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට අහිමි වුණා.

ඒ, තරගාවලියේ 52වන තරගයෙන් ඔවුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 7කින් පරාජයට පත්වීම හේතුවෙන්.

මොහාලි හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 12ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

Your Comments