නොරොච්චෝලයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි – ප්‍රදේශ කිහිපයක විදුලිය බිදවැටීමක්

24

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද දහවල් කාලයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුව ඇති බවයි.
පද්ධතිය සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කිරීම සිදු කරන බවයි හෙතෙම සඳහන් කළේ.

Your Comments