නේවි සම්පත් අත්අඩංගුවට

56

අතුරුදන්ව සිටි හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකු වන හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය හා යාපනේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වන්නේ.

සැඟව සිට දොම්පේ ප්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටිය දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී සකස් කරන ලද ව්‍යාජ හැඳුනුම්පතක් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බව සඳහන්.

Your Comments