නෙළුම් කුළුනේ කෝටි 200යේ වංචාව ගැන සොයන්න එජාපය ජනපති කොමිසමක් ඉල්ලයි

32

නෙලුම් කුලුන ඉදිකිරිමේදී චීන සමාගමකට ගෙවූ රුපියල් කෝටි 200 ක මුදලක් අතුරුදන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයට කොමිසමක් පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කරනවා.
අරලිය ගහමන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාල මුදලට සිදුවුයේ කුමක්දැයි කඩිනමින් පරීක්ෂණ කල යුතු බවයි.

මේ අතර නෙළුම් කුළුණ ඉදි කිරීමේ දී සිදු වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කල මුල්‍ය වංචාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගෙන් විමසීමක් කලා.

Your Comments