නෙළුම් කුළුණේ ‘අලුත්ම සූදානම’ මෙන්න (PHOTOs)

362

කොළඹ නෙළුම් කුළුණෙහි සේවාවන් සැපයීම සඳහා සමාගමකට පැවරීමට කටයුතු කෙරෙන බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් නෙළුම් කුළුණ සේවාවන් වෙනුවෙන් විවෘත කෙරෙන නිශ්චිත දිනයක් පිළිබඳ මේ දක්වා සඳහන්ව නැහැ.

කෙසේ වෙතත් එහි වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2020 දී.

නෙළුම් කුළුණ මැයි/ජුනි මාසවලදී විවෘත කිරීමට සැළසුම් කර තිබූ බව මීට පෙර වාර්තා වූවා.

නෙළුම් කුළුණ ඉදිකිරීමේ වගකීම පැවරුණේ විදුලි සංදේශ නියාමන කොමිසමටයි.

‘එක් තීරයක් – එක් මාවතක්’ ඔස්සේ සම්බන්ධිත රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මහජන චීන ජනරජය ලබාදෙන උපායමාර්ගික ණය යටතේ එක්සිම් (EXIM) බැංකුව මගින් නෙළුම් කුළුණ ඉදිකිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමට ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3ක පමණ ණය මුදලක් ලබා දී තිබෙනවා.

ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වන්නේ China National Electronics Import and Export Corporation (CEIEC).

කුළුණ ඉදිකිරීමට චීන මෙන්ම ලාංකික කම්කරුවන්ගේද දායකත්වය ලැබුණා.

කුළුණහි උස මීටර 320ක්. එනම් අඩි 1150ක්.

පෑලියගොඩ ප්‍රදේශයේ කුළුණ ඉදිකිරීමට යෝජනා වුවද පසුව බේරේවැව සමීපයෙහි ඉදිකිරීමට රජය තීරණය කළා.

ඉදිකිරීම් කටයුතු 2012 ජනවාරි 20 ආරම්භ කෙරුණා.

නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඇත්තේ සංචාරක ව්‍යාපාරය සහ ගුවන් විදුලි, රූපවාහිනී සහ සන්නිවේදන කටයුතු වලින්.

දකුණු ආසියාවේ උසම (self-supported) ස්වයං අධාරක කුළුණ වන නෙළුම් කුළුණෙහි රූපවාහිනී සේවා 50කටත්, ගුවන්විදුලි සේවා 35කටත්, සන්නිවේදන සේවා ආයතන 20කටත් එහි පහසුකම් සැපයීමට හැකියාවක් පවතින බවයි පැවසෙන්නේ.

එහි හෝටල්, සාප්පු සංකීර්ණයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක්ද වෙයි.

කුළුණට අතුළුවීමට පිවිසුම් 4කි. ඉන් දෙකක් විශේෂිත පුද්ගලයන් සඳහායි.

විදුලි සංදේශ කෞතුකාගාරය සහ ආපනශාලාව සඳහා බිම් මහල වෙන් කර තිබෙනවා.

නෙළුම් කුළුණ ආශ්‍රීතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් නියමිතයි.

නෙළුම් කුළුණේ ඡායාරූප පෙළක් පහතින්….

චීන ෂින්හුවා (Xinhua) වෙනුවෙන් ගූඕ ලෙයි (Guo Lei) ලබා ගත් ඡායාරූපද මෙහි වෙයි.

Your Comments