නීතී විරෝධීව ගෙන්වූ කහ කිලෝ 33,000ක් සමග 10ක් අත්අඩංගුවට

16

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 33,000ක් සහ උඳු කිලෝ 3000ක් සමග සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බ්ලූමැන්ඩල් පොලිසියට ලද තොරතුරක් මත බ්ලූමැන්ඩල් ගබඩා සංකීර්ණයේ කන්ටේනර් බහාලුම්(අඩි 40) සහිත රථ තුනක් තුළ තිබියදී මෙම ද්‍රව්‍යයන් සොයා ගැනුණු බවයි පොලිසිය පවස්නනේ.

මෙම කහ තොගය සහ උඳු තොගය තීරු බදු රහිතව වීදුරු ආනයනය කරන බව හඟවමින් මෙරටට ගෙන්වා ඇති බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොහොමඩ් රිස්වි නමැත්තෙක් ඇතුළුව පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවත් අදාළ නීති විරෝධී කහ සහ උඳු තොගය මීට දින තුනකට පෙර ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවත් පොලිසිය පවසනවා.

එසේම එම භාණ්ඩ මෙරටට ගෙන්වා ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවද බ්ලුමැන්ඩල් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

අත්අඩංගුවට ගත් කහ සහ උඳු තොගය සහ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන බ්ලූමැන්ඩල් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

 

Your Comments