නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

15

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

නිව්යෝක් ටයිම්ස් පුවත් පත හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ අනාවරණය පිළිබඳව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වනු ඇති.

මේ අතර, පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මැතිවරණය කල්දැමීම පිළිබඳ යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, ගුවන්සේවා පනත උල්ලංගනය කරමින් මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමට ආණ්ඩුව සැලසුම් සකස්කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළා.

Your Comments