නිරෝධායන කටයුතු අවසන් කළ 29ක් අද නිවෙස් වෙත

6

තවත් පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර අද එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද දිනය වනවිට පුද්ගලයන් 26, 942 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්වගොස් ඇති බවයි කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
මධ්‍යස්ථාන 44 ක් තුල තවදුරටත් තවත් පුද්ගලයින් 3, 556 ක් නිරෝධායනය වෙමින් සිටිනවා.
මේ අතර, විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් ඇතුලූ ගුවන් මගීන් 55 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණ තිබෙනවා.
කටාර් සිට පැමිණි යානයකින් අද අලූයම 1.30ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි නිව්ස් 24 ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.
විදේශ රටවලට අයත් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු සහ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පවුල් දෙකකට අයත් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අටදෙනෙකුද එලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.
ගුවන් තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

Your Comments